Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


දේශපාලන කුමන්ත්‍රණවලට එරෙහිව එජාපයේ ප්‍රබලයින් තිදෙනෙකු සජබයට 


2026-05-23 1519

 

පළාත් සභා මහා ඇමතිවරුන් ලෙස තරඟ බිමට 

 

"රනිල් යන්නේ නාමල් එක්ක-සජිත් එක්ක නොවේ" සේදවත්ත හිමියන්ගේ කටින් ඇත්ත එළියට පනී 

 

වජිර-සාගල ද එම ස්ථාවරයේ 

 

සජබ මන්ත්‍රීවරුන් 11ක් මහා ඇමති අපේක්ෂකයින් ලෙස සටනට 

 

 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරු දරන සහ එම රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරුන් තිදෙනෙක් ඉදිරි පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති ධූර සඳහා සමගි ජන බලවේගය යටතේ තරඟ කිරීමට සූදානමින් සිටිති.

එම මන්ත්‍රීවරුන් තිදෙනා මෙම තීරණය ගෙන ඇත්තේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වනවාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ අතලොස්සක් පක්ෂ අභ්‍යන්තරයේ සිට කරන කුමන්ත්‍රණයට එරෙහිව වන අතර එම මන්ත්‍රීවරුන් සිය දේශපාලන ස්ථාවරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ වන විටත් දැනුම් දී ඇත.

මේ අතර කොළඹ, වෙහෙරගොඩ, සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මිත්‍රයෙකු "lankanewsweek" සමග පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන සහ සාගල රත්නායක ඇතුළු සුළුතරයකගේ ස්ථාවරය වන්නේ නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග දේශපාලන වශයෙන් ඉදිරි ගමනක් යා යුතු බවය.  

මේ දේශපාලන මත ගැටුම්, ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන් සහ දේශපාලන කුමන්ත්‍රණ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තව දුරටත් කෑලි-කෑලි වශයෙන් කැඩී දේශපාලනනිකව බංකොලොත් වී සිටින අතර එක්සත් ජාතික පාක්ෂිකයෝ අනාථ වී සිටිති.

මේ අතර ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කැඳවීමට කටයුතු කළ හොත් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉවත්වී මහ ඇමැති අපේක්ෂකයින් ලෙස තරග වැදීමට සූදානම් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එකොළොස් දෙනකු විපක්ෂ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇත. 

 

 

Advertiesment